අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
James Banks

ජේම්ස් බෑන්ක්ස්

Dr. James Banks and his wife have two adult children and live in Durham, North Carolina, where he is the pastor of Peace Church. He is the author of The Lost Art of Praying Together, Praying the Prayers of the Bible, Prayers for Prodigals, and Prayers for Your Children. Find books by James Banks

ජේම්ස් බෑන්ක්ස් විසින් රචිත ලිපි

ප්‍රේමයට සීමා නැත

මාගේ ලැබ්‍රඩෝර් බල්ලාට අවධානය අවශ්‍ය වූ විට ඔහු මට අයත් යමක් රැගෙන මා ඉදිරියෙන් එහාට මෙහාට යන්නේය. එක් උදෑසනක මා පසු පස හැරී යමක් ලියමින් සිටි විට මැක්ස් මාගේ පසුම්බිය රැගෙන දිව ගියේය. මම එය නොදැක්කා යයි සිතා ගෙන ඔහු නැවත අවුත් නාසයෙන් මට තට්ටු කරමින් පසුම්බිය කටේ තබා ගෙන ඇස් නැටවීය. වල්ගය වැනීය. සෙල්ලම් කිරීමට මට හඬ ගැසීය.

මැක්ස්ගේ…

යාච්ඤා කිරීමට පොළඹවන ලදී

“අවුරුදු කිහිපයකට පෙර ඔයා ගැන යාච්ඤා කරන්න මට පෙළඹවීමක් ආවා. ඇයි කියලා මම දන්නේ නැහැ”.

මාගේ පැරණි මිතුරියගේ එම විද්‍යුත් පණිවුඩය සමග ඇයගේ බයිබලය තුළ තිබූ සටහනක් ඡායාරූපයක්ද සහිතව මට ලැබුණි. එහි “ජේම්ස් ගැන යාච්ඤා කරන්න. මනස, සිතුවිලි සහ වචන ගැන” යනුවෙන් ඇය ලියා තිබුණි. එහි පසුපස මාගේ නම ඉදිරියෙන් වසර තුනක් වෙනම සඳහන් වුනි.

එම වසර ගැන කල්පනා කරන…

දීම සඳහා වර්ධනය වීම

“මම ඔයාට තෑග්ගක් ගෙනාවා” මාගේ දෙහැවිරිදි මුණුපුරා මාගේ අතෙහි පාර්සලයක් තබමින් සතුටින් කෑ ගැසුවේය. “ඒක තෝර ගත්තේ එයාමයි” මාගේ භාර්යාව සිනහසෙමින් කීවාය.

තෑග්ග මම දිග හැරියෙමි. ඔහු ආශා කරන කාටුන් චරිතයක සෙල්ලම් භාණ්ඩයක් එහි තිබුණි. “මාත් බලන්නද” ඔහු ඇසුවේය. ඉන්පසු මුළු සන්ධ්‍යාවම ඔහු එය සමග සෙල්ලම් කළේය. මම ඒ දෙස බලා සිනහසිමි.

මම සිනහසුණේ මා ප්‍රියයන්ට දුන් ත්‍යාග මට මතක්…

අවදියෙන් සිටින කණ්ඩායම්

අප්‍රිකානු කුඩා මුවන් සහජයෙන්ම “අවදිව සිටින චක්‍ර” සාදා ගත්තෝය. ඒ තණ පිට්ටණිවල නිවාඩුවේ සිටින වේලාවලය. උන් කණ්ඩායම් ලෙස චක්‍රයක් සාදා ගෙන එකිනෛකා එක් එක් දිසාව දෙස බලා සිටිති. එම ක්‍රමයෙන් උන්ට අංශක 360 ක වටයක් බලා සිටීමට පුළුවන් වේ. එන උවදුරු හෝ භයානක අවස්ථාවන් ගැන අනිත් සතුන්ට සංනිවේදන කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේය.

තමා ගැන පමණක් නොබලා කණ්ඩායමේ සතුන් එකිනෙකා ගැන…

ආරක්‍ෂිතම ස්ථානය

දකුණු කැරොලිනාවේ විල්මින්ටන් හරහා ෆ්ලොරන්ස් සුළිකුණාටුව විනාශකාරී බලයකින් ගසා ගෙන යන විට මාගේ දියණිය නිවස අත්හැර යාමට තීරණය කළාය. ඇය අවසන් මොහොත දක්වා බලා සිටියේ කුණාටුව හැරී යනු ඇතැයි ඇය කල්පනා කළ නිසාය. දැන් ඇය කුමක් ගෙන යා යුතුදැයි තීරණය කිරීමට වැදගත් ලියකියවිලිද ඡායාරූප සහ වටිනා භාණ්ඩද තේරුවාය. “දාලා යන්න මෙතරම් අමාරු වේයයි මම සිතුවේ නැහැ” ඇය මට පසුව කීවාය.…

බලා සිටීම වටී

ටෝකියෝවේ ෂිබුආ දුම්රියපොළ ඉදිරිපිට හචිකෝ නැමැති බල්ලා සැමරීම පිණිස උගේ පිළිරුවක් සාදා ඇත. හචිකෝව සිහි කෙරෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්්‍යවරයෙකු වූ තම ස්වාමියාට ඌ දැක්වූ අසාමාන්‍ය විශ්වාසවන්තකම නිසාය. මහාචාර්්‍යවරයා දිනපතා දුම්රියෙන් ගමන් කළේය. බල්ලා උදෑසන ඔහු සමග දුම්රිය පළට යයි. සවස නැවත මහාචාර්්‍යවරයා එන වෙලාවට එයි.

එක් දිනක් මහාචාර්්‍යවරයා පැමිණියේ නැත. ඔහු විශ්ව විද්‍යාලයේදී මිය ගොස් තිබුණි. නමුත් බල්ලා ඔහුගේ ජීවිත…

ප්‍රේමයේ දීර්ඝ හස්තය

මේරි ලී යනු අඩි 16 ක් දිගැති සුදු වර්ණ රාත්තල් 3500 ක් බරැති මෝරෙකි. සාගරය හදාරන්නෝ 2012 දී මෝරාගේ ශරීරයට ට්‍රාන්ස්මීටරයක් සවි කළෝය. ඌ මතුපිටට පැමිණෙන විට චන්ද්‍රිකාවලට ඇයව සොයා ගත හැකිය. අන්තර් ජාලය ඔස්සේ මේරි ලීගේ ගමන් බිමන් බොහෝ අය නිරීක්‍ෂණය කළෝය. පර්යේෂණ කරන අය සහ ජලය මත ක්‍රීඩා කරන්නෝද ඇයව දැන ගත්තෝය. සැතපුම් 40000 ක් පමණ දුරක් ඇයව…

දැන ගැනීම පිණිස වර්ධනය වීම

“ඔබව ශිෂ්‍ය හුවමාරුවකට තෝරා ගෙන තිබෙනවා”. මට එකල වයස දහ හතකි. ජර්මනියේ ඉගෙනීමට අවස්ථාවක් ලැබීම ගැන මම අමන්දානන්දයට පත් වීමි. නමුත් මට යාමට තිබුණේ මාස තුනක් පමණි. මම කිසි දිනෙක ජර්මන් භාෂාව ඉගෙන ගෙන තිබුණේ නැත. ඊළඟ සති කිහිපයේදී මම උදේ සවස පැය ගණන් ජර්මන් භාෂාව ඉගෙන ගත්තෙමි. කටපාඩම් කරන පිණිස වචන මාගේ අල්ලේද ලියා ගතිමි.

මාස කිහිපයකට පසු මම…

වෙනස් නොවේ

මාත් මාගේ භාර්යාවත් කැලිෆෝර්නියාවේ සාන්ත බාබරා වෙත ගියෙමි. ඒ වසර 35 කට පෙර අප හමුවී ප්‍රේමයෙන් වෙළි සිටි නගරයයි. අප ගියේ අපගේ විදුහලේ ආදි සිසු එකමුතුවකටය. අපගේ තරුණ කාලයේ එකට සිටි ස්ථාන බැලීමට යාමට අපි තීරණය කළෙමු. අප එකල කැමතිව සිටි මැක්සිකානු ආපන ශාලාව වෙත පැමිණි විට එහි තිබුණේ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ආයතනයකි. ආපන ශාලාව සහ එහි දශක 4 ක…

ප්‍රඥාවෙන් විශ්මපත්වී

මට දැනෙන්නේ මම වයසට යන විට තවත් ප්‍රඥාවන්ත වෙනවා කියලා. සමහර විට මම මගේ පුතාට කථා කරන විට ඔබගේ වචන මාගේ කටින් පිට වෙනවා”.

මගේ දියණියගේ එම කීම මට සිනහවක් ගෙනාවේය. මාගේ දෙමාපියන් ගැන මට එසේ සිතී ඇත. මා දරුවන් හදා වඩා ගන්නා කාලයෙහි බොහෝ විට ඔවුන්ගේ වචන සමහර විට ඉබේම පිට විය. මම පියෙකු වූ පසු මා මාගේ දෙමව්පියන්ගේ ප්‍රඥාව…